Vision 2020 | Diabeticeye.lk

දියවැඩියා අක්ෂි රෝග සඳහා ඇස් පරීක්ෂා කිරීමේ පියවර මොනවාද?

  1. සාමාන්‍ය පෙනීම පරීක්ෂා කිරීම
  2. Refraction (කණ්නාඩි මගින් පෙනීම වැඩිදියුණු කළ හැකිද යන්න පරීක්ෂා කිරීම)
  3. Dilated fundus examination (දියවැඩියා රෙටිනෝපති වෙනස්කම් සොයා බැලීමට ඔබේ ඇසේ දෘෂ්ටි විතානය පරීක්ෂා කිරීම.
  4. ඇසේ අභ්‍යන්තර පීඩනය පරීක්ෂා කිරීම

දියවැඩියා රෙටිනොපති සඳහා ඔබේ ඇස පිටුපස පරික්ෂා කිරිමට කණිකාව විස්තාරණය කළ යුත්තේ ඇයි?

දියවැඩියා රෙටිනෝපති සඳහා ඔබේ ඇසේ දෘෂ්ටි විතානය ( ඇසේ පිටුපස) පරික්ෂා කිරීමට කණිනිකාව විස්තාරණය කරන්නේ ඇයි ??

එබැවින්, බෙහෙත් මගින් කණිනිකාව විස්තාරණය කර අක්ෂි පරීක්ෂණයක් කිරීමට එකඟ වන්න !!

නමුත් විස්තාරණය නිසා පෙනීම බොඳ වෙනවා. විශේෂයෙන් ඔබ රිය පදවන්නේ නම්, ඔබේ නිවසට යන මාර්ගය සොයා ගැනීම ඔබට අපහසු විය හැකිය.

ඔබව පරිස්සමෙන් ගෙදර ගෙන ආ හැකි ඥාතියෙකු ඔබ සමඟ රැගෙන යාමට සූදානම් වන්න.

සමහර මධ්‍යස්ථානවල දියවැඩියා රෙටිනෝපති සඳහා අක්ෂි පරීක්ෂාව සිදු කරනු ලබන්නේ “nonmydriatic” ( කණිනිකාව විස්තාරණය නොකර) ෆන්ඩස් කැමරාවෙනි. මෙම ක්‍රමය මඟින් ඔබේ කණිනිකාව විස්තාරණය නොකර ඡායාරූප ගත කළ හැක. මෙම ක්‍රමය තවමත් ලංකාවේ බහුලව භාවිතා නොවේ.
සිංහල