Vision 2020 | Diabeticeye.lk

දුරකථන අංකය

(+94) 074 354 3637

ඊමේල් ලිපිනය

info@diabeticeye.lk

ලිපිනය

Vision 2020 Secretariat of Sri Lanka, 1st floor, National Eye Hospital, Dean’s Road, Colombo 10

ළමුන් සහ දියවැඩියා රෝගීන්ගේ අක්ෂි සත්කාර වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (IECD)

දැනුම් මධ්‍යස්ථානය

දියවැඩියාව ආශ්‍රිත අක්ෂි රෝග සහ පවතින දියවැඩියා අක්ෂි සත්කාර පහසුකම් පිළිබඳ තොරතුරු සපයයි.

අප හා සම්බන්ධ වන්න

දියවැඩියා අක්ෂි රෝග සම්බන්ධ ඔබේ ප්‍රශ්නවලට පැය 48ක් ඇතුළත පිළිතුරු ලබා ගැනීමට කරුණාකර මෙතැනින් සම්බන්ධ වන්න.

වෙබ් අඩවියට ලියාපදිංචි වීම

ඔබට සැලකිය යුතු ආබාධයක් තිබේද? ඔබ සතුව ඇත්නම් කරුණාකර වැඩි විස්තර අපට දන්වන්න.

ලෝක සෞඛ්‍ය සමුළුවේ යෝජනා

VISION 2020 හි විශේෂ අවස්ථා

නවීන තාක්ෂණය සමග ලොවපුරා පිළිගත් අක්ෂි ප්‍රතිකාර සැපයීම. VISION 2020 යනු ‘‘වළක්වා ගත හැකි අන්ධභාවය’’ තුරන් කිරීම සඳහා වන ගෝලීය මුලපිරීම වන අතර එය ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ අන්ධභාවය වැළැක්වීමේ ජාත්‍යන්තර නියෝජිතායතනය (IAPB) විසින් රාජ්‍ය නොවන සංවිධාන, වෘත්තීය සංගම්, අක්ෂි ආරක්ෂණ ආයතන සහ සංස්ථාවල ජාත්‍යන්තර සාමාජිකත්වය සමඟ එක්ව දියත් කරන වැඩසටහනකි.VISION 2020 සාමාජික සංවිධාන ලෝකයේ සෑම කෙනෙකුටම පෙනීමේ අයිතිය ලබා දීම සඳහා වළක්වා ගත හැකි අන්ධභාවය තුරන් කිරීමට එක්ව කටයුතු කරයි.
vision 2020 sri lanka
අපගේ අක්ෂි සත්කාර කණ්ඩායම හමුවන්න.

ඔබේ අක්ෂි සෞඛ්‍යය ප්‍රමුඛතාවයකි

දිවයින පුරා විසිරී සිටින වෘත්තිකයන් එක් එක් රාජ්‍ය සහ පෞද්ගලික අක්ෂි සෞඛ්‍ය මධ්‍යස්ථානවලදී ඔබට දිය හැකි උපරිම සත්කාර ලබා දීමට සහයෝගයෙන් කටයුතු කරයි. ඒ සඳහා විවිධ තරාතිරම්වල සාමාජිකයින් බඳවා ගැනීම සහ සෑම පුද්ගලයෙකුටම ගෞරවනීය ලෙස හැඟෙන සමානාත්මක සහ ධනාත්මක පරිසරයක් ගොඩනැගීමට අපි ක්‍රියාශීලීව කටයුතු කරමු.

ඔබගේ පෙනීම ආරක්ෂා කර ගැනීම සහ දියුණු කිරීම පිළිබඳ අධ්‍යාපනය ලබා දීම මූලික අක්ෂි සත්කාර සේවාවලින් එකකි. මේ සඳහා දෘශ්‍ය පද්ධතිය පිළිබඳ ගැඹුරු ඇගයීමක් කර රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන නමුත් මුල් අවදියේ ඇති අක්ෂි රෝග හඳුනාගැනීමේ පරීක්ෂණ සිදුකිරීමට කටයුතු කරයි.

දියවැඩියා රෝග නිවාරණය පිළිබඳ අපගේ ප්‍රවේශය

අපගේ පොදු මෙහෙවර ඉදිරියට ගෙන යාමට අපි එකිනෙකා සමඟ වැඩ කිරීමට කැප වෙමු. අපගේ දැක්ම සාක්ෂාත් කර ගත හැක්කේ එකිනෙකා සමඟ සහ අන් අය සමඟ සාමූහිකව වැඩ කිරීමෙන් පමණක් බව අපි හඳුනාගෙන ඇත. අපගේ පොදු අරමුණ වන වැළක්විය හැකි සහ ප්‍රතිකාර කළ හැකි අන්ධභාවයට හේතු වන රෝගී තත්වයන් මර්දනය සඳහා මෙම වැඩසටහනට සම්බන්ධ සියලුම පාර්ශවයන් සමඟ ඒකාබද්ධව කටයුතු කරනු ඇත. 

What are the steps of eye screening for diabetic eye disease?
20පෙබ.

දියවැඩියා අක්ෂි රෝග සඳහා ඇස් පරීක්ෂා කිරීමේ පියවර මොනවාද?

1. සාමාන්‍ය පෙනීම පරීක්ෂා කිරීම: 2. Refraction (කණ්නාඩි මගින් පෙනීම වැඩිදියුණු කළ හැකිද යන්න පරීක්ෂා කිරීම) 3. Dilated fundus examination (දියවැඩියා රෙටිනෝපති...

Basic Protective Measures Against the Diabetes
20පෙබ.

දියවැඩියාවට එරෙහි මූලික ආරක්ෂණ පියවර

ඔබ දියවැඩියා රෝගියෙකු වුවද, ඔබේ පවුලට, විශේෂයෙන් ඔබේ දරුවන්ට දියවැඩියාව සහ එහි සංකූලතා වළක්වා ගැනීමට ඔබට උපකාර කළ හැකිය.

How Can Low Vision Affect Your Eyes?
13නොවැ.

අල්ප දෘෂ්ටිකතාව ඔබේ ඇස්වලට බලපාන්නේ කෙසේද?

වයසට යන විට, අපගේ පෙනීම පිරිහීමට පටන් ගන්නා බව අපට දැනෙනු ඇත. ඔබේ අක්ෂි වෛද්‍යවරයා නිතිපතා හමුවීමෙන් තව දුරටත් ඔබේ ඇසේ...

හදිසි අවස්ථාවක් තිබේද?

දියවැඩියා රෝගීන්ගේ පෙනීම නැතිවීම සහ වේදනාව සම්බන්ධ හදිසි අවස්ථා වඩාත් හොඳින් හසුරුවන්නේ සුදුසුකම් ලත් විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් විසිනි. පහත උදාහරණ, ඔබට නියමිත වේලාවට නිවැරදි තීරණ ගැනීමට උපකාරී වේ.

විය හැකි හේතුව / ප්‍රතිවිපාක -
සනාල අවහිරතා (ඇසෙහි රුධිර නාල අවහිර වීම)

ඔබ කළ යුත්තේ කුමක්ද? -
රුධිර පීඩනය පරීක්ෂා කර ගන්න.

හිස පහතට තබා ඔබේ ඇඟිල්ලෙන් මෘදු ඇස් සම්බාහනය කරන්න. ඇස වසා ඇස් පියන මත 3 ට ගණන් කරමින් මෘදු ලෙස තද කරන්න. ඉන් පසු මුදා හරින්න. වහාම අක්ෂි ශල්‍ය වෛද්‍යවරයකු වෙත යොමු විය යුතුවන අතර එතෙක් මෙය නැවත නැවත කරන්න.

විය හැකි හේතුව / ප්‍රතිවිපාක -
ඇස තුළ ඇතිවන රක්තපාතය

ඔබ කළ යුත්තේ කුමක්ද?
පාවෙන සෙවනැලි තීව්‍රතාවය අඩු වුවද, අක්ෂි උපදේශනයක් සඳහා යොමු වන්න.

විය හැකි හේතුව / ප්‍රතිවිපාක -
ස්වච්චයේ (cornea) ඇතිවිය හැකි තුවාල.

ඔබ කළ යුත්තේ කුමක්ද? -
දියවැඩියා රෝගීන්ගේ තුවාලය සුළුපටු වුවද බරපතල ආසාදනයක් ඇතිවීමේ අවදානමක් පවතින බැවින් වහාම අක්ෂි උපදේශනයක් ලබා ගත යුතුය.

විය හැකි හේතුව / ප්‍රතිවිපාක -
ස්නායු අඩපන වීම

ඔබ කළ යුත්තේ කුමක්ද?
මෙය කාලයත් සමඟ නිරාකරණය වන ස්නායුවේ කුඩා රුධිර නාල අවහිර වීම නිසා විය හැකි වුවද, වඩාත් භයානක හේතූන් බැහැර කළ යුතුය.

(මොළයේ ප්‍රසාරණය වූ රුධිර නාලයක් පුපුරා යාම හෝ ඇසේ කුහරයේ දිලීර ආසාදනයක් ඉක්මනින් මොළයට පැතිරීම)

දියවැඩියා ආශ්‍රිත අක්ෂි රෝගයන්ට සම්බන්ධ රෝගීන් සහ වෛද්‍යවරුන්ගෙන් සමන්විත ශ්‍රී ලංකාවේ එකම රජය විසින් පවත්වාගෙන යනු ලබන ආයතනය අපගේ ආයතන වේ. ඔබට අවශ්‍ය සියලුම ආකාරයේ දැනුවත් කිරීම් සහ සායන තොරතුරු අපගේ වෙබ් අඩවියෙන් ලබා ගත හැක.

පුවත් සහ නිවේදන

අපගේ ව්‍යාපෘතිය හරහා සිදුකරන විවිධ දැනුවත් කිරීම්, සායන සහ රෝග පිළිබඳ තොරතුරු මෙමගින් ලබාගත හැක. මෙහි ක්ලික් කිරීමෙන් ඔබව බ්ලොග් අඩවියට ගෙන යනු ඇත.

දියවැඩියා රෙටිනොපති යනු කුමක් ද ?

දියවැඩියාව නිසා ඇතිවන ඇසේ සංකූලතා අධ්‍යනය කර අපගේ ව්‍යාපෘතිය මෙම තත්ත්වය පිළිබඳව වැඩි අවධානයක් යොමු කර ඇත. දියවැඩියාව පිළිබඳ වැඩි විස්තර සඳහා මෙතැන ක්ලික් කරන්න.

දැනුමට යමක්.....
විෂන් 2020 ව්‍යාපෘතිය මගින් , අක්ෂි වෛද්‍යවරුන් සහ අක්ෂිවේද වෘත්තිකයන් විසින් රෝගීන් හඳුනා ගැනීම සහ අවශ්‍ය සියලු දෙනාට ප්‍රශස්ත මට්ටමේ සත්කාරයක් සැපයීමට කටයුතු කරයි. ඔබට ඔබේ විසදුම සොයාගත නොහැකි නම් එම සහය ලබා ගන්නේ කෙසේද, අදාළ පුද්ගලයින් සම්බන්ධ කර ගන්නේ කෙසේදැයි පැහැදිලි කරයි.
ලෝක දෘෂ්ටි දිනය
ලෝක දෘෂ්ටි දිනය යනු අන්ධභාවය සහ පෙනීමේ දුර්වලතා පිළිබඳව අවධානය යොමු කරන ගෝලීය වැඩසටහනකි. එය සෑම වසරකම ඔක්තෝබර් මස දෙවන බ්‍රහස්පතින්දා දින සමරනු ලැබේ.
දියවැඩියා අක්ෂි ගැටළු සඳහා දිවයිනේ හොඳම උපකාරක මධ්‍යස්ථානය.
අපගේ මධ්‍යස්ථානය දියවැඩියාව සම්බන්ධ ඔබගේ අක්ෂි සෞඛ්‍ය ගැටළු සඳහා නොමිලේ සෞඛ්‍ය උපදෙස් ලබා දෙයි. එය ඔබට අවශ්‍ය සැමවිටම වෛද්‍ය වරයෙකුගේ සහය ලබා ගැනීමට උපකාර වේ.

අපගේ පුවත් පත්‍රිකාව

විෂන් 2020 කණ්ඩායම සහ ශ්‍රී ලංකාව වටා සිටින සාමාජිකයින්ගෙන් සියලුම නවතම පුවත්.

විෂන් 2020 හා එක්වන්න

සැමට වඩා හොඳ අක්ෂි සෞඛ්‍යයක් සඳහා බලවත්, පෙර නොවූ විරූ සන්ධානයකට සම්බන්ධ වන්න.
සිංහල