Vision 2020 | Diabeticeye.lk

වෙබ් අඩවියට ලියාපදිංචි වීම

අපගේ ව්‍යාපෘතියේ පරිත්‍යාගශීලීන් වන ක්‍රිස්ටෝෆෙල් බ්ලයින්ඩන් මෙහෙයුම ආබාධ සහිත පුද්ගලයින් සඳහා සත්කාර වැඩි දියුණු කිරීම වෙනුවෙන් කටයුතු කරයි. දරුණු අබාධ සහිත පුද්ගලයින්ගෙන් දත්ත රැස් කිරීමට ක්‍රමවේදයන් තිබුණද අවම ආබාධිත පුද්ගලයන් ගැන අවධානය ඉතා අඩු මට්ටමක පවතී. රජයේ හෝ පෞද්ගලික අක්ෂි සත්කාර පහසුකම්වලට සහභාගි වන පුද්ගලයන් සමඟ අපගේ අත්දැකීම් අනුව පෙන්නුම් කරන්නේ එවැනි සුළු අබාධිත පුද්ගලයන් ප්‍රතිකාර සඳහා ඔවුන්ගේ අනුගතවීම ඉතා අවම බවයි.

ඔබේ ආබාධිත දත්ත ඇතුළත් කිරීමෙන් අපට අපගේ ව්‍යාපෘතිය සදහා දියවැඩියාවෙන් පෙලෙන සමස්ත ජනතාවම ඇතුළත් කර ගැනීමට හැකි වනු ඇත. ඔබට කිසිදු ආබාධයක් නොමැති වුවද ඔබ දියවැඩියා රෝගියෙකු නම් ඔබට ඔබේ දත්ත ඇතුළත් කළ හැක. එවිට අපට මෙම වෙබ් අඩවිය හරහා ආබාධ සහිත රෝගීන්ගේ ප්‍රතිශතය නිවැරදිව ගණනය කළ හැක.

සිංහල